• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කොරෝනාවට කල් දැමූ පොහොට්ටුවේ සංවත්සරය අද-හෙට ආසන 32කදී

December 19, 2020
in Exclusive
A A
කොරෝනාවට කල් දැමූ පොහොට්ටුවේ සංවත්සරය අද-හෙට ආසන 32කදී

සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව් වැනි සංවත්සරයට සමගාමීව ප්‍රධාන ආසන සම්මේලන මාලාව අද (19දා) සහ හෙට (20 දා) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් තෝරා ගත් ආසන 32ක දී මෙම සම්මේලන පැවැත්වීමට නියමිතයි.

රට තුළ පැවති වසංගත තත්ත්වය  හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතර වැනි සංවත්සරය නියමිත දින නොපැවැත්වීමට  පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළේය.

ඒ අනුව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන ඇතුළු ආසන සම්මේලන පැවැත්වීමද කල් දැමීය.

පවතින තත්වය හමුවේ රට තුළ  සියලු අංශයන් හි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත් කිරීම සෞඛ්‍ය උපදෙස් පදනම් කරගනිමින් මේ වනවිට සිදුවෙමින් පවතියි. ඒ අනුවසෞඛ්‍යය නීති රීති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් සහ අධීක්ෂණයට යටත්ව පක්ෂ සංවිධාන කටයුතු ඉදිරියට ගෙනයාම ආරම්භ කර තිබේ.

පසුගිය සති අන්තයේදී තෝරා ගත් ආසන 61දී ශ්‍රී ලංකා පොදුජන කාන්තා සම්මේලන ද සාර්ථකව පැවැත්වූ අතර එහි  දෙවැනි පියවර වශයෙන් පක්ෂයේ ආසන සම්මේලන මාලාව ද  සාර්ථකව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

මැතිවරණ ආසන කේන්ද්‍ර කරගනිමින් සම්මේලන මාලාව පැවැත්වෙන අතර ඒ සඳහා  පක්ෂයේ අනුබද්ධ සංවිධාන , ක්‍රියාකාරීන් එක්ව මෙම කටයුතු සංවිධානය කරඇත.

දෙසැම්බර් මස 19 දා උදේ 10.00 කළුතර දිස්ත්‍රික්කයේ  හොරණ ආසන සම්මේලනය “අරන් ධාරා ”හෝටලයේදීත්, බණ්ඩාරගම ආසන සම්මේලනය හවස 3.00ට බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදිත්, කළුතර ආසන සම්මේලනය  හවස 3.00ට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කාර්යාලයේදීත් පැවැත්වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසන සම්මේලනයද එදින උදේ 10.00ට නාවලපිටිය ප්‍රධාන කාර්යාලය කාර්යාලීය රැස්වීම් ශාලාවේදීත්, යටිනුවර ආසන සම්මේලනය හවස 2.00ට ඌරාපොල අභයරාජ පිරිවෙනේ දීත් පැවැත්වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ  දඹුල්ල ආසන සම්මේලනය එදින උදේ 10.00 ට  අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ පිහිටි කාර්යාලයේදීත්, ලග්ගල ආසන සම්මේලනය හවස 3.00 ට ලග්ගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දීත් පැවැත්වීමට නියමිතයි.

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසන සම්මේලනය 20 දා උදේ 9.00ට මාතලේ ගාන්දි අනුස්මරණ ශාලාවේදීත්, මාතලේ ආසන සම්මේලනය හවස 3.00ට  මාතලේ හෝටල් පාසලේදීත් පැවැත්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ආසන සම්මේලනය  20 දා හවස 3.00ට හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේ දී  පැවැත්වේ.

ගාල්ල දිස්ත්රික්කයේ අක්මීමන සම්මේලනය 19දා උදේ 10.00ට කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ශාලාවේදීත්, රත්ගම ආසන සම්මේලනය හවස 3.00ට රත්ගම ‘’ග්‍රේට් විලා’’ හෝටලයේ දී පැවැත්වේ. 20දා උදේ 10.00ට වඳුරඹ නගර ශාලාවේදී ශාලාවේ දී බද්දේගම ආසන සම්මේලනයත්, සවස 3.00ට පෙට්ටිගල පැලවත්ත පාරේ පිහිටි සම්පත් අතුකෝරල අතුකෝරල මහතාගේ නිවසේ දී හිනිදුම ආසන  සම්මේලනයත් පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන සම්මේලනය 19දා හවස 3.00ට දෙනියාය ෆුඩ්ස් සිටි භූමියේ දී ත්, දෙවිනුවර ආසන සම්මේලනය 20දා හෙට උදේ 10.00ට දික්වැල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදීත්, හවස 3.00ට කඹුරුපිටියේ උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදීත් කම්බුරුපිටිය ශාලාවේ දී කඹුරුපිටිය ආසන සම්මේලනය ත් පැවැත්වීමට නියමිතව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසන සම්මේලනය 20 දා හවස 3.00ට තංගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  සේරුවිල ආසන සම්මේලනය  20 දා හවස 3 ට කන්තලේ නගර ශාලාවේ දී පැවැත්වේ .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  යාපහුව ආසන සම්මේලනය 19 වැනි දා උදේ 10ට මහව නගර ශාලාවේදීත්, ගල්ගමුව ආසන සම්මේලනය හවස 3.00ට ගල්ගමුව සතිපොල භූමියේත් පැවැත්වේ .20දා  උදේ 10.00ට වාරියපොල ආසන සම්මේලනය  වාරියපොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දීත්, හවස 3.00ට ශෝබාලංකා හෝටලයේ දී හිරියාල ආසන සම්මේලනයත් පැවැත්වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසන සම්මේලනය 19 වෙනිදා උදේ 10.00ට  බකමූණ පොල අසලදී, පොලොන්නරුව ආසන සම්මේලනය  හවස 3.00ට පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ආසන සම්මේලනය 19 වෙනිදා උදේ 10.00ට මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීත්, බණ්ඩාරවෙල ආසන සම්මේලනය හවස 3.00 ට බණ්ඩාරවෙල නගර ශාලාවේදී ත්,  හපුතලේ ආසන සම්මේලනය  20දා හවස 3.00ට දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසන සම්මේලනය 19දා උදේ 10.00ට තණමල්විල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ත්, මොණරාගල ආසන සම්මේලනය 20 දා උදේ 10.00 ට මොනරාගල ප්‍රාදේශිය සභා ප්‍රජා ශාලාවේදීත් පැවැත්වෙයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන සම්මේලනය 20දා උදේ 10.00ට කලවාන බස් නැවතුම්පොළ අසල රුවන් ශාලාවේදීත්, රක්වාන ආසන සම්මේලනය හවස 3.00ට  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ ගොඩකවෙල නිවසේදීත් පැවැත්වීමට නියමිතයි.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් අනෙකුත් සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදිමින් මෙම ආසන සම්මේලනය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබේ.

Share51Tweet32SendShare13
Previous Post

නුවරඑළියට රේසින් ට්‍රැක් එකක්: කේබල් කාර් ව්‍යාපෘතියක්: ක්‍රීඩාංගණ 3ක්

Next Post

සජිත්-චම්පික-විමුක්ති: පොඩි මිනිසුන්ගේ කැරැල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
Exclusive

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net