බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ මහතා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
බ්‍රසීල ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව්වෙනි වතාවට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී මුඛ ආවරණ නොපැලදී අතර ඔහු ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණෙන විට මුඛ ආවරණ පළදින ලෙස අධිකරණය විසින් මිට සති දෙකකට ඉහතදී නියෝගයක් පවා නිකුත් කරනු ලැබීය.
මිට දින කිහිපයකට පෙරදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළවී තිබුණත් එය මද උණ ගතියක් යැයි පවසමින් එම තත්ත්වය බැරෑරුම් නොවන බවට හැඟවීමට උත්සහ කළද අවසානයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වන විට බ්‍රසීලයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,628,283ක් වන අතර මියගිය සංඛ්‍යාව 65,631ක් වේ.