Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කොරෝනා ඇප් එකක් එයි

Published

on

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක් (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි.

කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව “යෙදුමෙන් (App) ලබා ගැනීමට පිළිවන.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (29) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් මහත්මිය ප්‍රධාන කණ්ඩායම විසින් නව යෙදුම හඳුන්වාදෙනු ලැබීය.

අලුත්ම වර්ධනයන් පිළිබඳ තොරතුරු සෑම විටම දැනගත හැකි ලෙස “යෙදුම සකස් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350කි. ඉන් 28කින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන තිබේ. සෙසු ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බව කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සඳහන් කළහ.

වෛරසය පැතිරයාම වැළැක්වීමට පළමුවැනි, දෙවැනි, ආශ්‍රිතයන් ඇතුළුව 41,000ක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටිති. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස PCR පරීක්ෂණ  කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

අවස්ථා කිහිපයකදී කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට හේතු වූ කරුණු මනාව අවබෝධ කරගෙන නැවත එලෙස සිදු වීමට ඉඩ නොතැබිය යුතුය. කොළඹ නගර සභා සීමාව තුළ අඛණ්ඩව අහඹු පරීක්ෂණ සිදු කෙරිණ. එහෙත් අනපේක්ෂිත ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සැල සහ මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් පොකුරු බිහි විය.

භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මගින් වෛරසය ප්‍රාදේශීයව පැතිරයාම වැළැක්වීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය වේ. සෞඛ්‍ය නිර්දේශ හැකි උපරිමයෙන් අනුගමනය කිරීම සියලු තරාතිරම්වල පුද්ගලයන් සතු සමාජ වගකීමක් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කළ යුතුය. කොවිඩ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 

අද (29) මධ්‍යම රාත්‍රී සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අදාළ කාලසීමාව තුළ සෞඛ්‍ය අංශ වෙත විශාල වැඩකොටසක් පැවරී ඇත. ඇඳිරි නීතිය උල්ළංගනය කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. කිසිදු පොලිස් ස්ථානයකින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකෙරේ. එහෙත් අතිශය හදිසි අවශ්‍යතාවකදී  ඊට ඉඩ ලැබේ.

අවදානම් කලාප තුළ මහජන ඒකරාශීවීම් සිදු නොවිය යුතුය. බස්නාහිර පළාතේ විවාහ මංගල්‍ය සහ ආගමික උත්සව ඇතුළු ජනතාව ඒකරාශීවන අවස්ථාවන්ට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)