Exclusive
කොරෝනා එක්ක හැප්පුණු PHI ඩෙංගුවලින් මරුට
Published
1 month agoon

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පයාගල, පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා වශයෙන් සේවය කළ රුචිත බණ්ඩාර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් ඊයේ (27) දින දහවල් මියගොස් ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ කළුතර දිස්ත්‍රික් කෝවිඩ්19 සම්බන්ධීකාරක වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් 2016 වසරේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් වසර 5ක පුහුණුවෙන් පසුව කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ට අනුබද්ධව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් මියයන තෙක්ම ඔහු සේවය කරමින් ඩෙංගු රෝගයේ මෙන්ම කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ කටයුතුවලදී කැප වී සේවය කළ තරුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස ඉදිරි පෙළ සිටිමින් සිය රාජකාරි සිදුකළ බව වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන පැවසුවේය.
ඩෙංගු රෝගී තත්ත්වයෙන් දින 11ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය වසරේ විවාහ දිවියට එක්වී ඇත්තේ ඖෂධ සංයෝජනක නිලධාරිනියක සමගනි.
විවාහයෙන් පසු කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිට ඔහු මිය යන තෙක්ම කැළණිය ප්‍රදේශයේ සිට බේරුවල ප්‍රදේශයට පැමිණ සිය රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බණ්ඩාර මහතා විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ පවුලේ සාමාජිකයෙකි.
ඔහුගේ උපන් ගම වන බිබිල මැදගම ප්‍රදේශයට දේහය රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් ප්‍රකාශ කර සිටී.
You may like
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
