කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි අර්බූදකාරී වාතාවරණයකට මුහුණ දී සිටින ඉන්දියාවේ අද උදෑසන ප්‍රබල භූකම්පනයක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව ඇති බව එම මාධ්‍ය අනාවරණය කරයි.
ඇසෑම් ප්‍රාන්තය පුරා, උතුරු බෙංගාලය සහ ඊසානදිග අනෙකුත් ප්‍රදේශවලට ද භූ චලනයේ කම්පන දැනී ඇත.
එරට භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, උදෑසන 7:51ට ඇසෑම්හි සොනිත්පූර්හිදී මෙම භූ කම්පනය සිදුව ඇති බවය.
භූචලනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති නමුත් කිසිවෙකුට හෝ ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා වී නොමැත.