කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 102,669ක් ලෙසයි දැක්වෙන අතර වෛරසය ආසාදනය වී ඇති පිරිස ලක්ෂ දාහතකට (1,696,139) ආසන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය සතියේ සියයට 6ත් 10ත් අතර ප්‍රතිශතයක් ගෙන ඇති අතර පසුගිය 09 වනදා පමණක් ලොව පුරා මරණ 7300ක් සිදුව තිබුණි.