හිටපු විදුලි බල මණ්ඩල සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව ඇතුළත් වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කරන ලෙස බල කරමින් අද දිනයේදී සමගි ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
තව සුලු මොහොතකින් විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ දිනයේදී ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් නොකෙරුණු අතර නිවේදනයක් පමණක් කෝප් කමිටු සභාපතිවරයා විසින් මාධ්‍යයට නිකුත් කොට තිබිණ.