Exclusive
ගම සමග පිළිසඳරේදී ජනපතිගෙන් ප්‍රශ්න ඇසූ අයකුට කරුවලගස්වැව සභාපති පහර දීලා
Published
1 month agoon

කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී එම ප්‍රදේශයේ මාර්ගයක් වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව සඳහන් කරමින් ගැටලූ ඉදිරිපත් කළ පුද්ගලයකුට පහරදුන් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වමින් ප්‍රදේශයේ ජනතාව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (01) දින විරෝධතාවයක් පැවැත්වූහ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කරුවලගස්වැව විජයපුර පදිංචි විශ්‍රාමික යුධ හමුදා සැරයන් මේජ්ර්වරයකු වන ඞී. ජයරත්න නැමති අයකු වේ.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා මෙම පහරදීම සිදු කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පහරදීම පසුගිය (26) දින කරුවලස්වැව 7 කනුව තබ්බෝව මංසන්දියේදී සිදුව ඇති බව පහර කෑමට ලක්වූ ජයරත්න මහතා කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබේ.
එසේ සභාපතිවරයා තමන්ට පහරදීම සිදුකළේ පසුගිය 20 දින ජනාධිපතිවරයාට එම ප්‍රදේශයේ වීරපුර මාර්ගය වසර 50කින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව පවසමින් ඉදිරිපත් කළ ගැටළුවට උරණවීම නිසා බව ජයරත්න මහතා පැවසීය.
එම පහරදීමට විරෝධය දක්වමින් පහර කෑමට ලක්වූ ජයරත්න මහතා හා ගම්මානයේ පිරිසක් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් විරෝධතාවය පැවැත්වූහ.
අදාළ චෝදනාවට ලක්වූ ප්‍රාදේශීය සභාපති නිමල් ජයසිරි බංඩාර මහතා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.
අදාළ පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ පහර දීම සම්බන්ධ පැමිණිල්ල කරුවලගස්වැව සමථ මණ්ඩලයට යොමු කරමින් බව සඳහන් වේ.
එමෙන්ම සභාපතිවරයාද තමන්ට ජයරත්න නැමති අය පහර දුන් බවට පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර ඇත. කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
You may like
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
