ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත.
ඒ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම කාලය ඇතුළත සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
එක්වරම ගව ඝාතනය තහනම් කළහොත් ගවමස් හිගයක් මතුවිය හැකි බැවින් ගවමස් ආනයනය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කොට ගව ඝාතනය තහනම් කිරීම ආණ්ඩුවේ සැලසුම් වී තිබේ.
පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතර ඊට මන්ත්‍රීී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිවිය.