Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ගෝඨා අද නුවරඑළිය‌ේ: ජනතා ප්‍රශ්න රැසකට එවෙලේම විසදුම්

Published

on

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය ඇතුළු අඩු පාඩු විමර්ශනය කර විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ගුරු හිඟය පියවීමට නුවරඑළියෙන්  සහ ආසන්න දිස්ත්‍රික්කවලින් ගුරුවරු පත්කිරීමට පියවර ගැනේ. පාසල්වල ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ අඩු පාඩු පිළිබඳව සිසුන් ඉදිරිපත් කළ ගැටළු වහා විසඳීමට සැලසුම් කරන මෙන් එතුමා නිලධාරීනට නියම කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් අද (21) පස්වරුවේ තලවකැලේ නගරයේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් දෙනු ලැබීය. අපේක්ෂක පලනි ශක්තිවේල් මහතා සංවිධාන කර තිබූ ජන හමුවට අපේක්ෂක  ජීවන් තොණ්ඩමන් මහතා ද එක්ව සිටියේය.

ලිඳුල නගර සභාවේ දූෂණ සහ අක්‍රමිකතා සිදුවන්නේ යැයි  ජනතාව ජනාධිපතිතුමාට කීහ.  තලවකැලේ සුමන ද්වීතියික පාසලේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජේ. විදූෂා දැරිය කොවිඩ් අරමුදලට මුදල් කැටයක් පිරිනැමීම ද මෙහිදී සිදු විය.

අපේක්ෂක අරුලානන්දම් පිලිප් කුමාර් මහතා මස්කෙළිය නාගරික සංවර්ධන රථගාලේ සහ අපේක්ෂක රමේෂ්වරන් මහතා පූඬලුඔය නගර සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

කොටගල නගරයේ පැවති ජන හමුවේ දී ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස ගැටළුව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. ජීවන් තොණ්ඩමන් මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

අපේක්ෂක කනගපති කනගරාජ් මහතා නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා නෝර්වුඩ් නගරයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට උපදෙස් දුන්නේය.

අද පෙරවරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසළ පැවති ජන හමුවට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ද එක්ව සිටියේය. 

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)