Connect with us
Advertisement

Exclusive

ගෝඨා ‘ගෝඨාව’ තහනම් කරයි

Published

on

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ඒ මහතා අවධාරණය කර තිබේ.

මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ (01) යැවූ ලිපියක සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා ලේකම්වරයාට නියෝග කර තිබේ.

සියලු රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නැයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් වෙත යැවු ලිපියෙන් කියාසිටී

Advertisement
Advertisement
Exclusive12 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive12 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive12 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive5 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive12 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology8 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive3 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive3 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive5 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Mahawanshaya11 months ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ