Exclusive
ගෝඨා දෙවන වරටත් මහබැංකුව කැඳවයි: ETI-THE FINANCE සල්ලි වහා ගෙවන්න කියයි
Published
7 months agoon

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි.
ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිතුමා කියා සිටී.
ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.
ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහතික විය.
මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා කීය.


මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
