අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් කතාබහක් මතුව තිබේ.
ඒ අනුව වාර්තා වී ඇත්තේ චමල් රාජපක්ෂ මහතා මේ දිනවල නිවෙසට වී ස්වයං නිරෝධායනයේ සිටින බවකි.
පසුගිය දිනෙක ගොවිජන කොමසාරිස්වරයාට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග චමල් රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනයට යොමුවී ඇති අතර ඒ මහතා සහභාගී වූ සාකච්ජාවකට අමාත්‍යවරයා සහභාගී වීම මේ සදහා හේතු වී තිබේ.
අයවැය තෙවැනි වර කියවීමේ ජන්ද විමසුමේදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.
එහිදී විපක්ෂය නියෝජනය කළ ඩයනා ගමගේ, අරවින්ද් කුමාර් සහ පුත්තලම මුස්ලිම් මන්ත්‍රීවරයකු අයවැයට පක්ෂව ජන්දය ලබා දී තිබිණ.
ඒ අනුව වැඩි ඡන්ද 97කින් අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත විය.