නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
පී.සී.ආර්. වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත.
මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
මෙම පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන බව හෙළිවී තිබේ.
මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද දැනුම් දීමට කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම පී.සී.ආර්. යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කර සිටියේය.
මෙම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත්, මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු කළ මගඩියක ප්‍රතිඵලයක් බවද ඔහු සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 4000ක් කිරීමට හැකි බව පෙන්වා දුන්නද දැනට දිනකට පරීක්ෂණ දෙසීයක්වත් කිරීමට නොහැකි බව අනාවරණය වී තිබේ.