යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසන සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රයක් මගින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරයි.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය හමුවේ ගොනු වූ පළමු නඩු කටයුත්ත ලෙස සැලකේ.