Connect with us
Advertisement

Exclusive

ජනපති තන්තිරිමල පුදබිමේ ඖෂධ පූජාවක (PHOTOS)

Published

on

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්හි නිරත විය.

ශිලා ලේඛන සංග්‍රහයට අනුව ක්‍රි.ව 5 වැනි සහ 6 වැනි ශතවර්ෂවල පළමුවැනි භාතිය රජතුමා විසින් වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරය ඉදිකර තිබේ.

ඊයේ (04) පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංස තිස්ස හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය.

ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත විය.

අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා  ඖෂධ පූජාව ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට ආශිර්වාද  කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියෝ කොවිඩ් 19 පාලනයට රාජපක්ෂ මැතිතුමා කළ විශිෂ්ට මෙහෙවර ගැන ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන්වහන්සේ ජනතා වන්දනා මානයට විවෘත කළ ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද  ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

Advertisement
Advertisement
Exclusive12 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive12 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive12 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive5 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive12 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology8 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive3 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive3 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive5 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Mahawanshaya11 months ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ