Connect with us
Advertisement Redmi Note 9

Exclusive

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ගනී (PHOTOS)

Published

on

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහ විහාරයීය කාරක සංඝ සභික බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නා හිමියෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අතීතයේ පැවති සශ්‍රීක ගම යළි ගොඩනැගීමට ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ නා හිමිවරුන්ගේ පැසුසමට ලක් විය.

ග්‍රමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදාකර නොදී ගම දියුණු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරනුයේ ගමේ ජනතාව නගා සිටුවීමට බව කියා සිටියේය.

ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම බෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දුන්නේ පිටරට ගොවියාට ගිය මුදල් අපේ ගොවියා අතට පත් කිරීමටයි. වගාකළ හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අස්වනු වැඩි කර ගැනීමට මෙන්ම නව පරපුර ක්ෂේත්‍රයට ආකර්ශණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණදීමට හැකි වූයේ රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙළ නිසාය. අද සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් දකින්නට ඇති අතර අනාගතය දෙස අවධානය යොමු කළ සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙරට සෞභාග්‍යයේ සංකේතයක් බඳු තේ කර්මාන්තය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු පිණිස තේ වගාකරුවන්ට සහන සලසමින් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇතැයි එතුමා පැවසීය.

ගැටලු නිරාකරණය කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව අත්වැල් බැඳගත යුතු යයි මහා සංඝරත්නය අවධාරණය කළහ.

දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි