Connect with us
Advertisement

Exclusive

ජනපති නාහිමිවරුන්ගේ සුවදුක් විමසයි (PHOTOS)

Published

on

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දුටුවේය.

උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම  හිමි බැහැ දැක සුව දුක් විමසීය. 

විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්ම්න්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසලධම්ම හිමියෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. එය කඩිනමින් නිම කර දෙන බව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග පැවසීය.

විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ වෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමියන් ද  බැහැ දුටු රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.

කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ