අද (11) පාර්ලිමේන්තුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පමණක් බව දැනගන්නට ඇත.
ඒ අනුව ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් රැසක් එම රැස්වීමට සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවට උදෑසන ප්‍රචාරයක් යාමත් සමග පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම මෙම රැස්වීමට සහභාගී වීමට ගොස් ඇතත් පසුව එය ශ්‍රී ලංනිපයට පමණක් ආරාධනා කළ රැස්වීමක් බව දැනගැනීමෙන් පසු යළි පිටව ගොස් ඇති බවද දැනගන්නට ඇත.