ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් කැඳවා ඇත.
අද සවස පැවැත්වෙන කැබිනට් රස්වීමෙන් පසු මෙම සාකච්ජාව කැඳවා ඇති බව වාර්තා වේ.
මෙහිදී 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත අතර රැස්වීම උණුසුම් එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
ඒ, දැනටමත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක්ම 21 වන සංශෝධනයට විරෝධය ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙනි.
ඊයේ දින බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන් 14 දෙනකු සමග අගමැතිවරයා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබූ අතර එහිදීද පොහොට්ටු මන්ත්‍රීවරු 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය අගමැතිවරයා වෙත ප්‍රකාශ කර තිබිණ.
ඒ අනුව අද සවස පැවැත්වෙන රැස්වීමද උණුසුම් එකක් වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.