• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජනාධිපතිට පේන්න ගහක් උඩ නැගලා එක රැයින් ජනප්‍රිය වුණු මොණරාගල ගොවියා

February 10, 2021
in Exclusive
A A
ජනාධිපතිට පේන්න ගහක් උඩ නැගලා එක රැයින් ජනප්‍රිය වුණු මොණරාගල ගොවියා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගි වන සෑම “ගම සමඟ පිළිසඳරක්” අවසානයේම රටේ විවිධ ලොකු කතාබහක් ඇති වෙනවා. ඒ එහිදී ගන්නා ඇතැම් තීන්දු තීරණ හින්දා. ගම සමඟ පිළිසඳර වැඩසටහනේ අටවැනි අදියර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා. මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අළුත්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කුකුල් කොටුව වැව ඉස්මත්තේදි තමයි ඒ වැඩසටහන පැවැත්වුණේ. මීට පෙර පැවැති වැඩසටහන් 07ටම වැඩිය පසුගිය සතියේ මොණරාගල පැවැති වැඩසටහන ජනප්‍රිය වුණා කිව්වා නම් හරි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සඳහා විශාල කතාබහක් ඇති වුණා. පැලක් උඩ ඉඳන් ගොවි මහත්මයෙක් මයික් එකක් අතේ තියා ගෙන සිටින ඡායාරූපයට තමයි ඒ අතරේ වැඩි දෙනාගේ අවධානය යොමු වුණේ.

මේ ගොවි මහත්මයා පැලක් උඩට නැඟලා ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියන අදහස ඇති වන ආකාරයෙන් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඡායාරූපය ප්‍රචාරය වුණේ. ගම සමඟ පිළිසඳර වැඩසටහන සම්පූර්ණයෙන් නොබලපු බොහෝ දෙනෙක් ඒක විශ්වාස කළා. ඒ තරමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කරපු බලපෑම ප්‍රබල එකක් වෙලා තිබුණා.
ඒ ගැන දිනෙන් දිනම විවිධාකාරයේ විවේචන එල්ල වෙන හින්දා එදා ඇත්තටම වුණේ මොකක්ද කියලා හොයලා බලන්න අපි තීරණය කළා. එහිදී මෙතෙක් කලක් බොහෝ දෙනකු දැන නොසිටි බොහෝ දේ හොයා ගන්න අපිට පුළුවන් වුණා.

මෙවර වැඩසටහන පැවැත්වුණේ වැව් පිට්ටනියක් අයිනේ හින්දා ස්වභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් වැඩසටහන පවත්වන්න තමයි සංවිධායකින් තීරණය කරලා තිබුණේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සංකල්පයක් තමයි ඒ තීරණයට මුල් වෙලා තිබුණේ.

බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු පැලත් ඇත්තටම කුකුල් කොටුව වැව් ඉස්මත්තේ තිබුණු එකක් කියන එකත් මේ ගැන විස්තර හොයද්දී අපිට දැන ගන්න ලැබුණා. ඒ වගේම ඒ උඩ නැගලා හිටිය ගොවි මහත්තයත් ඒ ගමේම ජීවත් වෙන ඇත්තම ගොවි මහත්තයෙක්. හැබැයි බොහෝ දෙනා හිතුව විදියට ඒ ගොවි මහත්තයා මයික් එකක් අරගෙන පැලට නැගලා තියෙන්නේ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න අහන්න නම් නෙවෙයි.

වැඩසටහන ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් සාම්ප්‍රදායික සී පදයක් ගායනා කරන්න තමයි ඒ ගොවි මහත්තයා පැලට නැගලා තිබුණේ. පැලට නැඟලා සී පදය කිව්ව ගොවි මහත්තයා ඊට පස්සේ බැහැලා ඇවිත් පිරිස සමඟ එකතු වෙලා තිබුණා. වැඩසටහන සම්පූර්ණයෙන් නරඹපු අය නම් ඒක හොඳටම දැක්කා. කොහොම වුණත් තමන්ගේ ගැමිකම සහ අව්‍යාජ බව ප්‍රදර්ශනය කරමින් රටේ නායකයා පිළිගන්න පැලට නැඟලා සී පදයක් ගායනා කළ වරදට තමන් රටේ ඇතැම් අයගේ හාස්‍යයට ලක් වෙලා කියන එක මේ ගොවි මහත්තයා තවම දන්නේ නැහැ. මොකද කෝල් එකක් ගන්නවත් හරියට සංඥා නැති ඉතාම දුෂ්කර ගම්මානයක් තමයි අළුත්වැව කියන්නේ. මේ ගොවි මහත්තයා සමඟ කතා කරන්න උත්සාහ කළ අවස්ථා කිහිපයේදීම දුරකතන සංඥා අපට ඉඩ ලබා දුන්නේ නැත්තේ ඒ දුෂ්කර බව අපටත් ඒත්තු ගන්වමින්.

පැලට නැඟපු ගොවි මහත්තයා ගැන වගේම ඒ අවස්ථාවේ ඉදි කරලා තිබුණු වේදිකාව ගැනත් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දේ කතා කළා. සාම්ප්‍රදායික ගොවි ගෙදරක් නිරූපණය වන ආකාරයෙන් ගම සමඟ පිළිසඳර වැඩසටහනේ වේදිකාව සකස් කරන්න තමයි සංවිධායකයන් කටයුතු කරලා තිබුණේ. ප්‍රදේශයෙන් සොයා ගත හැකි සරල අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉතාම අවම වියදමකින් ඒක කරන්නත් ඔවුන් කටයුතු කරලා තිබුණා.

කුකුල්කොටුව ගමේ සිට මීටර් 100ක පමණ දුරකින් ඉදි කෙරුව ඒ වේදිකාව සඳහා පොල් අතු, පිදුරු වැනි නොමිලේ සපයා ගත හැකි දේවල් තමයි යොදා ගෙන තිබුණේ. ගමේ තරුණ පිරිස වගේම සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයනුත් ඒ ඉදිකිරීම් සඳහා සහභාගි වෙලා තියෙනවා.

රාජ්‍ය උත්සව සඳහා ඉතාම ඉහළ වියදම් දරන යුගයක තණමල්විල පැවැති ගම සමඟ පිළිසඳර වැඩසටහන ඉතාම අවම වියදමකින් සංවිධානය කර තිබීමත් කැපී පෙනෙන කාරණයක්. ඒ අවස්ථාවට සහභාගි වූ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම දෙනාටම ආහාර ලෙස ලබා දී තිබුණේ බතල, කට්ට සම්බෝල සහ පොල් පමණයි. සම්ප්‍රදායික බව සුරැකීම වගේම වියදම ඉතිරි කර ගැනීමත් එහි අරමුණ වූ බව තමයි සංවිධායකයන් කියන්නේ. ඒ වගේම ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා පානය කරලා තියෙන්නේ තැඹිලි ගෙඩියක් පමණක් වීමත් විශේෂ කාරණයක්.
ගම සමඟ පිළිසඳර වැඩසටහන සහ එහිදී ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් විවාදයක් ඇති වෙන එක හොඳ දෙයක්. ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන ක්‍රියාදාමයක යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න ඒ හරහා අවස්ථාව උදා වෙනවා. නමුත් කරුණු කාරණා හරි හැටි නොදැන ඇතැම් දේවල් ඕනෑවට වඩා හාස්‍යයට ලක් කරන්න යෑමෙන් ප්‍රදර්ශනය වන්නේ තමන්ගේ නොදැනුවත්කමයි කියන දේත් හැම දෙනාම සිහියේ තබා ගත යුතු දෙයක්. පැලට නැගලා ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න ඇහුවා යැයි කියපු ගොවි මහත්තයාගේ කතාවත් අන්න ඒ වගේ.

චන්දන පොන්නම්පෙරුම

Share51Tweet32SendShare13
Previous Post

එදා ජැටි දුන්නෙ මෙහෙමයි: අද ජැටි දෙන්න යන්නෙ මෙහෙමයි: වරායෙ කතාව කියවලම බලන්න

Next Post

සජිත් 31 වන ‘සත්කාරය’ බම්බලපිටියට අරන් එයි

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)
Exclusive

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)
Exclusive

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)
Exclusive

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net