අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා අතුරලියේ රතන හිමි නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කොට ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් ඊට අදාළ නිවේදනය නිකුත් කොට තිබේ.
අදාළ ආසනය සදහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් විය යුතු බව එම පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබිණ.