Exclusive
තඹ කම්හලේ සේවකයන් නිදහස් කිරීමෙන් කාදිනල් හිමි කලකිරෙයි: වහාම ඇමැතිට එන්න කියා කරුණු විමසයි
Published
1 month agoon

පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අගරදගුරු නිල නිවසට ඊයේ (20 වැනිදා) පස්වරුවේ කැඳවා කරුණු විමසීමට පියවර ගෙන ඇත.
ඊබ්රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග කතෝලික ප්‍රජාවට විමර්ශන ගැන කුකුසක් ඇතිව තිබෙන බවත් කතෝලික ප්‍රජාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් ඉන් තමන්ට ඇතිවන බවත් කාදිනල්වරයා මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට පෙන්වා දී ඇත.
මෙම සැකකරුවන් ගැන විමර්ශන කර නීතිපතිවරයාට යොමු කළ පසු නීතිපති උපදෙස් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බව පැවසේ.
මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්වරයා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව මුදාහරින්නන් සමාජගත කිරීමට පෙර නිසි අධීක්ෂණයකින් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසද කාදිනල්වරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
