• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

තවම දවස් 10යි! පෝට්සිටිය බලන්න 90000ක් ඇවිත්!

January 19, 2022
in Exclusive
A A
තවම දවස් 10යි! පෝට්සිටිය බලන්න 90000ක් ඇවිත්!

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව, මේ වනවිට 90,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ තිබේ.

ගාලු මුවදොර දෙසින් පිහිටා ඇති ඇතුළු වීමේ දොරටුවෙන් පිටත පවා ජනතාව විශාල වශයෙන් පෝලිම් සැදී, ඉමහත් උනන්දුවෙන් යුතුව කොළඹ වරාය නගරය දැකබලාගැනීමට පුලපුලා බලා සිටින ආකාරය මේ වනවිට සුලබ දසුනක් වී ඇත.

ජනවාරි 10 සහ 17 දින අතර නිවාඩු දින කිහිපයක්ද යෙදී තිබූ සතිය තුළ, අතිවිශාල පිරිසක් කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පැමිණියහ.

මෙම පදික මංතීරුව විවෘත කිරීම 2022 ජනවාරි 09 දින සිදුකරන ලද අතර, එම උත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරු එක්වූහ.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65 ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සව මාලාවක එක් උත්සවයක් වශයෙන් මෙය විවෘත කිරීම සිදුකරන ලදි.

2022 ජනවාරි 10 සිට 17 දක්වා කාලය තුළ 89,540 දෙනෙකු නව පදික මංතීරුව වෙත පැමිණියහ. මේ අතරින් වැඩිම පිරිස වාර්තා වූයේ 2022 ජනවාරි 16 දින වන අතර, එදින පැමිණි සංඛ්‍යාව 22,580 කි. නිවාඩු දින වූ සිකුරාදා සහ සඳුදා දිනවල පැමිණීම පිළිවෙළින් 19,717 ක් සහ 21,656 ක් ලෙස වාර්තා විය.

මීටර 500 ක දිගකින් යුත් මෙම පදික මංතීරුව ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් අතරතුර මෙවැනි පොදු ස්ථාන රාශියක් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු යොදා ඇත. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පිවිසීම සඳහා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ පිවිසුම් දොරටුවක් මේ වනවිට ඉදිකර ඇත. දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. දැනට මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසර නොමැති අතර, නව පදික මංතීරුව භාවිතා කිරීමේදී COVID-19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ වනවිටත් විශාල ජනකායක් මෙම පදික මංතීරුව වෙත දිනපතා පැමිණෙන බැවින්, කොවිඩ් වැළක්වීමේ සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුගතව දුරස්ථ භාවය සුරැකීම සඳහා එහි වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 700 කට සීමා කිරීමටත්, කොවිඩ් අවදානම පාලනය කිරීමට පදික පාලම භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාවන් පැනවීමටත් ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර ඇත.

කොළඹ වරාය නගරය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදි වූ, මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයකි.

ලෝක මට්ටමේ නගරයක් නිර්මාණය කරමින් සහ ජීවත් වීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස කොළඹ නගරය වැඩිදියුණු කරමින්, ජාත්‍යන්තරකරණය වේගවත් කිරීම ඔස්සේ තිරසාර ආර්ථික අනාගතයක් සහතික කිරීම සඳහා දක්ෂතා සහිත පුද්ගලයන් සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම වරාය නගර ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් මෑතකදී කොළඹ වරාය නගරය බහු-සේවා විශේෂ ආර්ථික කලාපයක් බවට පත්කිරීමත් සමග මේ වනවිට ලොව නැගෙනහිර හා බටහිර යාකරන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා මහඟු අවස්ථාවක් උදා වී ඇත.

Share56Tweet35SendShare14
Previous Post

88/89 සටන ජවිපෙ යළි කරළියට අරන් එයි! ඉන්දියාවට තෙල් ටැංකි දුන්නාට එරෙහිව මහපාරේ සටන අදින් අරඹයි! (VIDEO)

Next Post

මෛත්‍රී-සජිත් හමුවෙලා! මොනවද සාකච්ජා කළේ? (VIDEO & PHOTOS)

MORE NEWS

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Exclusive

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
Exclusive

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!
Exclusive

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!
Exclusive

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!
Exclusive

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තමන් සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම හොද ඩීල්කාරයන් බවත්, ඩීල් නොකර...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net