• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

තිස්ස රනිල්ගේ ගෙදර ගිහින් කළ පැයක රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

September 1, 2020
in Exclusive, Rajya Rahas
A A
තිස්ස රනිල්ගේ ගෙදර ගිහින් කළ පැයක රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

මේ දිනවල සමඟි ජන බලවේගයද නිරන්තරයෙන්ම රැස්වෙමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට තිබේ. එජාපය ඇතුළේ මතුව ඇති නායකත්ව අර්බුදය මෙසේ පැවැත්වෙන සාකච්ඡාවල එක් ප්‍රධාන මාතෘකාවකි. ඒ අනුව පසුගිය සතියේදී සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා වූ තිස්ස අත්තනායක මහතා සජිත්ට කියා සිටියේ තමන්ට රනිල්ව මුණගැසී කතා කිරීමට අවශ්‍ය බවත්, එය හුදෙක්ම දේශපාලනයෙන් තොර කතාබහක් වනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතිනවාද යන්නත්ය. නමුත් සජිත් කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවකි.

තිස්ස ගියේ සජිත්ට කියලා

සජිත්ගෙන් ලැබුණු ඒ ප්‍රතිචාරයත් සමඟ තිස්ස පසුගිය සතියේ රනිල්ව මුණගැසීම සඳහා 5 වැනි පටුමගේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවෙසට ගියේය. එහිදී ඉතා මිත්‍රශීලී අයුරින් තිස්සව පිළිගත් රනිල් ඔහු සමඟ ආගිය තොරතුරු කතාබස් කළ අතර, තිස්සද වික්‍රමසිංහ මහත්මියගේ සුවදුක් මෙන්ම රනිල්ගේ සුවදුක්ද විමසා සිටීමට කටයුතු කළේය.
“මම ඔබතුමා බලන්න ආවේ කාගේවත් ඉල්ලීමකටවත්, සජිත් මාව එවලවත් නෙවෙයි. ඒ වගේම මම කාගේවත් කපුකමක් කරන්න මෙතන්ට ආවෙත් නෑ. කාගෙවත් පණිවුඩ අරගෙන ආවෙත් නෑ. මම ආවෙ යුතුකමක් විදිහට ඔබතුමාව බලල යන්න විතරයි.” යනුවෙන් කතාව ආරම්භ කළ තිස්ස ඉන් අනතුරුව එජාපයට මේ වන විට අත්ව ඇති ඉරණම පිළිබඳවද රනිල් සමඟ සාකච්ඡා කළේය.

පරාජය ගැන රනිල්ගේ කටින් පැන්න කතාව

“දැන්වත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඔබතුමා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ පක්ෂය ඇතුළේ අර්බුද ඇතිවුණා හොඳටම ඇති. අද බලන්න පක්ෂයට වෙලා තියෙන දේ. පක්ෂය වැටිල තියෙන තැන බලන්න. ඒ නිසා බහුතරය ඉල්ලන කෙනාට දැන්වත් පක්ෂයේ බලය දෙන්න හිතාගන්න. ඔබතුමා මේ රටට ලොකු සේවයක් කළා. හැබැයි තවත් මේ විදිහට වැඩ කළොත් වෙන්නෙ ඔබතුමා තවත් පිරිහෙන එක විතරයි” යනුවෙන් තිස්ස කියද්දී රනිල්ගේ කටින් ඔහුටම නොදැනුවත්වම අපූරු වචන කිහිපයක් එළියට පැන්නේය. ඒ පසුගිය මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන්ය. එහිදී රනිල් තිස්සට කියා සිටියේ, “මම හිතුවෙත් නෑ මෙහෙම ප්‍රතිඵලයක් එයි කියලා” යැයි කියාය. මීට අමතරව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද රනිල් කතා කළේය.

තිස්ස දාපු යෝජනාව

“නෑ මම මේකෙ තවදුරටත් ඉන්න සූදානමක් නෑ. මම අයින් වෙන්න තීන්දු කරලයි තියෙන්නෙ. ටික දවසක් ඇතුළත මේ ප්‍රශ්න විසඳෙනව. හැබැයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ රවි දඟලනවනෙ කරුව පක්ෂ නායකත්වයට ගේන්න. කොහොමද දැන් කරුට දෙන්නෙ. දැන් කරුට 80ත් පැනල. අනික කරු දැන් පක්ෂ සාමාජිකයෙක්වත් නෙවෙයි. වර්කින් කමිටි එකෙත් නෑ. අනෙක දැන් පක්ෂයට ඕනෙ තරුණ නායකත්වයක්. රටත් ඉල්ලන්නෙ එහෙම කෙනෙක්.” යනුවෙන් රනිල් කියද්දී තිස්ස කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තමාගේ පාර්ශ්වයෙන් විය යුතු යම්කිසි දෙයක් ඇත්නම් එය ඉටුකිරීමට තමන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වනවා යැයි කියාය. රනිල් ඊට සිනාවකින් පිළිතුරු දුන්නා විනා කිසිදු වචනයක් කියන්නට ගියේ නැත.

දෙදෙනා අතර පැවැති මෙම සාකච්ජාව පැයක් පමණ වේලා ඇදී ගිය බවක්ද දැකගන්නට තිබිණ.

කපිල පුංචිමාන්නගේ

Share51Tweet32SendShare13
Previous Post

කුඩු ජාවාරමට STF එකත් ගෑවෙයි

Next Post

සිරකරුවන් 444ක් ගෙදර යවයි

MORE NEWS

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Gurudawa

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!
Exclusive

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
බන්දුල සුද්දයකට සැරසෙයි! සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්-අධ්‍යක්ෂ මණ්ඩල ගෙදර යවයි!
Exclusive

බන්දුල සුද්දයකට සැරසෙයි! සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්-අධ්‍යක්ෂ මණ්ඩල ගෙදර යවයි!

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

ලක්බිම විවිධ යුගයන්හි විවිධ ජාතීන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය. ඒ...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net