අද වනවිට ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් විදේශ සංචිත බිද වැටී කිසිවක් ආනයනය කළ නොහැති තත්ත්වයට රට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට රට ඇතුළේ පොහොර, බෙහෙත්, තෙල් පමණක් නොව ඩොලර් හිගයකුත් මතුව ඇති බවකි.