Exclusive
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
Published
1 month agoon

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය, මයිලැත්තෑව, වෑවල වැව, හුඹස්ගමුව, දෙහිගහඇළ, අලකොලවැව, සීගිරි මුල්ල ප්‍රදේශවල ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ මහ වනාන්තර සහ කැලෑබද ප්‍රදේශ ඉඩම් කොල්ලකරුවන්ගෙන් බේරා දෙන්නැයි ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරති.
මේ වන විට ඉතාමත් සංවිධානාත්මක කණ්ඩායමක් මෙම වනජීවී කලාපවල මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ රක්ෂිත හෙළිපෙහෙළි කර ගනිමින් වගා භූමි ආරම්භ කිරීම, නිවාස ඉදිකිරීම මෙන්ම පිටස්තර ප්‍රබල ව්‍යාපාරිකයන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ඇතැම් රජයේ සේවකයන්ට ඉඩම් අලෙවි කිරීම සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම ඉඩම් කොල්ලකෑම සහ වනය හෙළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට දැනුම් දුන් විට එම සංවිධානාත්මක කණ්ඩායම් ගම්මුන්ට දැඩි තර්ජන එල්ල කරන බවත් එම නිසා ඔවුන් දැඩි බියකින් සිටින බවත් ඔවුහු පවසති.
එහි පාරම්පරික ගොවිතැන් බත් කරගෙන සිටින ජනතාව කියා සිටින්නේ රජය සතු වන කැලෑ හෙළිපෙහෙළි කරමින්, ඩෝසර් කරමින් ගස් කොලන් සියල්ල විනාශ කර රජයේ රක්ෂිතවල කුඩා නිවාස ඉදිකර අලුතින් වගාවන් සිදුකරන බවත් ඒවාට පෞද්ගලික විදුලි වැටවල් ගසා ගැනීම මෙන්ම ප්‍රදේශයේ මහ වනය මැද ලංකා විදුලිබල මණ්ඩලය හරහා කුඩා කණු සවිකොට විදුලි බලය පවා ලබාගෙන ඇති බවත්ය.
ගම්මුන්ගේ දැනුම් දීම මත මෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සීගිරිය, මයිලැත්තෑව, වෑවල වැව, හුඹස්ගමුව, දෙහිගහඇළ, අලකොළවැව, සීගිරිමුල්ල ආදී ප්‍රදේශවල රජයේ රක්ෂිතවලට අප ගොස් සොයා බැලීමේදී දැකගැනීමට හැකි වූයේ විශාල ඉඩම් හෙළිපෙහෙළි කර වැටවල් ගසා ඇති ආකාරයයි.
එමෙන්ම කුඩා ඉදිකිරීම්ද රැසක් මෙහි දැකගැනීමට හැකි වූ අතර, විදුලිබල මණ්ඩලය මඟින් ගස්වලට විදුලි රැහැන් අදිමින් කුඩා ටකරන් කැබැලිවලින් සවි කෙරුණ ලී කැබැල්ලකට විදුලි මීටර පවා මහ වනය මැද සවිකර ඇති අයුරු දැකගැනීමට හැකි විය.
ඇතැම් ස්ථානවල කුඩා කාමර සාදා මුරකරුවන් යොදවා තිබේ. එම මුරකරුවන් කියා සිටියේ එම ඉඩම දොස්තර කෙනකුට අයත් බවය. වල්අලින් සිටින බව ඔවුහු සඳහන් කළහ.
කිසිදු ඉදිකිරීමක්ද නොමැතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙළිපෙහෙළි කරන ලද ඉඩම්වලට විදුලිය ලබා දුන්නේ කෙසේ දැයි ජනතාව ප්‍රශ්න කරති. එමෙන්ම මෙම ප්‍රදේශයේ වල්අලින් ගහණව පවතින බවත් කැලෑ හෙළිපෙහෙළි කිරීම නිසා ප්‍රදේශයේ ගම්මානවලට වල්අලින්ගේ දැඩි තර්ජන එල්ල වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
සීගිරිමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩහිටින කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන් අප සමඟ කියා සිටියේ මේ වන විට මෙම ප්‍රදේශවල රජයේ රක්ෂිත දිවයිනේ ප්‍රබල ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් අත්පත් කරගෙන ඇත්තේ ග්‍රාම නිලධාරීන්ද සමඟ එක්ව බවය.
ඇතැම් ඉඩම්වලට දිළිඳු පවුල් බව පවසා ව්‍යාජ ලිපිලේඛන, හැඳුනුම්පත් හා පදිංචි සහතික පවා සකසා ඇතැයි උන්වහන්සේ චෝදනා කළහ.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
