මේ වසරේ ගෙවුණු දින 18 ක කාලය තුළ පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,437ක් වන බව සෞඛ්‍ය වාර්තා අනාවරණය කරයි.
එම දින 18 තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.
මේ අතර එම කාලය තුළ සුවය ලැබූ සංඛ්‍යාව 10,400කි.
අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාවද ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54,087කි.
කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට අද (19) දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ගොස් තිබේ.