සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ සිය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට පියවර ගෙන ඇත.
ඊයේ (10) රාත්‍රී ගෝල්ෆේස් හෝටලයේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වී ඇති අතර ඊට සියලුම මන්ත්‍රීවරුන් පැමිණ ඇති බව වාර්තා වේ.
මීට අමතරව අද (11) දිනයේදී මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇත.
එම රාත්‍රී භෝජන සංග්‍රහයද පැවැත්වෙන්නේ ගෝල්ෆේස් හෝටලයේය.