පළමු වටයේදී කොරෝනා එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි එන්නත ලබාදීම සඳහා වූ නිශ්චිත දිනයක් මේ දක්වා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.
පළමුවැනි එන්නත ලබාදීමෙන් පසු සති 16ක් ඇතුළත දෙවැනි එන්නත ලබාදිය යුතු නමුත් තවමත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්වී නැත.
ආණ්ඩුව විසින් ඉන්දියාවෙන් ඉල්ලුම් කරන ලද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ නියමිත මාත්‍රා ප්‍රමාණය මෙතෙක් නොලැබීම මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.