දෙසැම්බර් 8 වැනිදා ආණ්ඩුවට තීරණාත්මක එකක් වනු ඇති බව වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කර සිටියහ.
ඊයේ දින කොළඹදී ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්-වරාය සහ විදුලි වෘත්තීය සමිති ඇතුලු ඊට සහාය දක්වන වෘත්තීය සමිති රැසක් ගිවිසුමකට අස්සන් තැබූ අතර එහිදී ඔවුහු මෙම අදහස් පළ කර සිටියහ.
ආණ්ඩුවට මොළේ නැති බවත්, දෙසැම්බර් 8 වැනිදා ආණ්ඩුවට මොළේ පාදාදීමට කටයුතු කරන බවත් එහිදී සදහන් විය.