පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන මාගරින් සඳහා පනවා ඇති බදු රුපියල් 400කින් ඉහළ නැංවීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.