අද රට කඩා වැටී බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් මේ විනාශය සිදුවන බව තමන් රටට කීවේ 2020 ජනවාරි සිට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවක් පැමිණි විගස ධන කුවේරයන්ට ලබා දුන් බදු සහන හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වූ බව පැවසූ විපක්ෂ නායකතුමා එදා බදු සහන ලද ධන කුවේරයින් නාලිකා වලට පැමිණ ඒ පිළිබඳව විශ්මයෙන් කතා කළ බවද පැවසීය.
දේශීය සහ පාරම්පරික වෛද්‍ය වෘත්තිය චිරාත් කාලයක් මුළුල්ලේ අපේ රටේ පවත්නා කීර්තිමත් වෘත්තීයකි.
දේශීය සහ පාරම්පරික වෛද්‍යවරුන් පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. අද සත්‍ය ජයග්‍රහණය කරමින් තිබෙන බවත්, කණගාටුවට කරුණ වන්නේ සත්‍ය ජයග්‍රහණය කිරීමට ජනතාවට දුක් විඳින්නට සිදු වූ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.


