Connect with us
Advertisement

Exclusive

නාකොටික් සෙට් එක 2013 සිටම කුඩු බිස්නස් කරලා: සැටලයිට් ෆෝන් බිල් ගෙවා ඇත්තේ ඩුබායිවලින්

Published

on

ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත බෝට්ටුකරුවන් යොදාගනිමින් සිදුකළ කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශ නිලධාරීන් 2013 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවත්, 2017 සිට එය සක්‍රීයව සිදුව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට අද (21) දිනයේ දැනුම් දී තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට පැවසුවේ, නාවික හමුදාව විසින් කිලෝ ග්‍රෑම් 279 ක් සමග ඉරාන ජාතිකයින් පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමග පොලිස් නාශක කාර්යාංශයේදී මිශ්‍රකර ඇති බවය.

එහිදි ඇතැම් මත්ද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශය තුළදී පැකට් කර නැවත ජාවාරම්කරුවන්ට අළෙවි කර මුදල් උපයා ඇති බව සඳහන් කළේය.

මේ ජාවාරමේ මූල්‍ය කටයුතු සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබි ලක්ෂ 320 කට ආසන්න මුදලක් සොයාගෙන ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරීන්, ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා පිළිබඳ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිත කර ඇති සැටලයිට් දුරකථන 3 ක් සඳහා ඩුබායි සහ සිංගප්පුරුවෙන් බිල්පත් ගෙවා ඇති බවය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ