Connect with us
Advertisement

Exclusive

නාමල් මාස 6ක් දෙයි

Published

on

1973 අංක 25 දරණ (වරින් වර සංශෝධිත) ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒම පිළිබදව අධීකරණ අමාත්‍ය ජනාධීපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණී.

ඒ අනුව මාස  06ක් තුළ අදාළ සංශෝධන සිදුකළ යුතු බවටත්, පළමු මාසය තුළ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඊට අදාළ සංකල්ප පත්‍රිකාවක් සකස් කළ යුතු බවටත් සාකච්ඡාවේදී තීරණය විය.

එම සංකල්ප පත්‍රිකාව මත අදාළ සංශෝධන සිදු කිරීම සදහා අමාත්‍යාංශ දෙකෙහිම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වූ අතර අදාළ කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බවට  ද සාකච්ඡා විය.

අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටු වාර්තාව මාස 02ක් තුළ ලබාගෙන ඒ පිළිබදව කෙටුම්පතක් සකස් කළ යුතු බවත් පසුව ඒ පිළීබදව නැවත සාකච්ඡා කර ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවත් සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධා විජේකෝන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර යන මහත්වරුන් ඇතුලු අධීකරණ අමාත්‍යාංශයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් සහභාගී වි සිටියහ.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ