තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත්වීමෙන් පසුව ඔහු තනි නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒ්කාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු වන තුරු තමන් අමාත්‍ය ධූර බාර නොගන්නා බවට නාමල් රාජපක්ෂ මහතා ගෙන ගිය සටන ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනාටම ආණ්ඩුවේ අමාත්‍ය ධූර හිමිව තිබේ.
නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධූරය බාර ගනු ලැබුවේ මෙම නියෝජිතයන්ට නව රජයේ තනතුරු හිමිවීමෙන් අනතුරුවය.
මෙවර මහමැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පද්ම උදය ශාන්ත සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු දෙදෙනා පමණක් පරාජයට පත්වූහ.