පසුගිය දින කිහිපය පුරාම පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතා පිළිබද විවිධ කතන්දර දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණ.
ඉන් එකක් වූයේ නාමයෝජනා බාරදීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනයේ සිටිමින් හුදකලාව සිටින බවකි.
පෙර දිනෙක එක්තරා මන්ත්‍රී කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණු බවත්, ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනයට යොමු වූ බවත් එම කටකතාවලින් වැඩිදුරටත් කියවිණ.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එම කටකතා ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ වීමක් හෝ නොවුණු නිසාත්, නාමයෝජනා බාරදීමෙන්ම අනතුරුව ප්‍රසිද්ධියේ කිසිදු අවස්ථාවක බැසිල් රාපපක්ෂ මහතා දකින්නට නොලැබුණු නිසාත් කටකතා සත්‍ය ලෙස සිතා සිටි පිරිස්ද සිටියහ.
නමුත් අද (24) අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසු ඒ කටකතා සියල්ලටම නැවතීමේ තිත වැටිණ.
ඒ, බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගී වීමත් සමගය.
