73 වන නිදහස් උත්සවය ආවරණය කිරීම සදහා යොමු කර සිටි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් 18කට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව මෙම මාධ්‍යවේදීන් 18 දෙනා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව වාර්තා වේ.
නිදහස් උළෙල ආවරණය කිරීමට මාධ්‍යවේදීන් 200කට ආසන්න පිරිසක් මාධ්‍ය ආයතනවලින් ඉදිරිපත් කොට තිබුණු අතර ඒ සියලු දෙනාම කල් තියා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.
ඒ අනුව 18 දෙනකු ආසාදිත බවට හදුනාගෙන තිබුණු අතර එම පිරිස උත්සවයේ ආවරණ තටයුතුවලින් ඉවත් කර තිබූ බවද දැනගන්නට ඇත.