පසුගියදා කොළඹ පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නිදහස් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව එම භට පිරිස් සේරුපිට, ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදී මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අතර, නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
උත්සවයට සහභාගිවීමට පෙර සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ නමුත් උත්සවයෙන් අනතුරුව කතරගමට පැමිණ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බව තහවුරු විය.