නුගේගොඩ ප්‍රදේශයට මෑතක රාජකාරී සදහා පැමිණි පොලීස් ලොක්කෙකු එම ප්‍රදේශයේ මාර්ග දෙපස ආහාර අලෙවි කරන ව්‍යාපාරිකයන් හට තමන්ගේ උදෑසන සහ දිවා ආහාරය නොමිලේ සපයන ලෙසට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආහාර වට්ටෝරුවක්ද මෙම ආපන ශාලා හිමියන් වෙත යැවීමට එම පොලිස් ලොක්කා කටයුතු කර ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ආපන ශාලා හිමියන් දැඩි අප්‍රසාදය පළකොට ඇති අතර බලධාරීන් වෙත පැමිණිලි කිරීමට කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.