ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න නිර්මාණය කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ බර නිශ්චිතව කිරා ගත යුතු බවත්, ඊට හොදම උදාහරණය නුවරඑළිය දිස්ත්‍රික්කය බවත් පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ ඉකුත් දිනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැස්වීමකට සහභාගී වෙමිනි.
එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය ශ්‍රීලනිපය චණ්ඩිකමට තනිව තරග කළ බවත්, එහිදී රනිල්ගේ යූඑන්පිය පවා ජන්ද 12,977ක් ලබා ගනිද්දී ශ්‍රීලනිපය ලබා ගත්තේ ජන්ද 6,227ක් පමණක් බවත්ය.
එය ප්‍රතිශතයක් වශයෙන් 1.47%ක් බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
නුවරඑළියේ මන්ත්‍රී ධූර අහෝසි කිරීමට ශ්‍රී ලනිපයේ ඇතැමුන් කතා කරන බවත්, ඒ අයුරින් මෙම පක්ෂ 2කට ඉදිරියට යාමේ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ අතර මාතලේ මහනගර සභාවේ සභාපති තේරීමේදීද ශ්‍රී ලනිපය තිරය පිටුපස වෙනම දේශපාලන ව්‍යාපෘතියක් දියත් කර තිබූ බවක්ද වාර්තා වේ.