එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග වැදිය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, කේ. කේ. පියදාස යන මහත්වරුන් තීන්දුවක් ගෙන ඇත.
නුවරඑළිය එජාප දිස්ත්‍රික් බල මණ්ඩලය කැදවමින් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලියා ලකුණ යටතේ නවීන් ඇතුළු පිරිස තරග කරනු ඇත.