තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති අය රුපියල් 25000.00 ක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහනුවර මහාධිකරණ විනිසුරු එම්. යූ. ගුණවර්ධන මහතා නියෝග කළේය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මහනුවර පොලිසියේ අපරාධ අංශය මගින් එහි හිමිකරු වන අනුර ලෙව්කේ නමැති අය අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ චෝදනා යටතේය.
මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථා තුනකදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ලෙව්කේ නමැති අයට ඊයේ (01දා) මහනුවර මහාධිකරණයෙන් ඇප හිමිවූයේ දින 64 කට පසුය.
කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලට යාබදව පිහිටි හෝටලයක කාමරයක් තුළ සිටි එහි හිමිකරු, බිරිඳ හා ඔවුන්ගේ දින 50 ක් වයසැති දියණිය මරණයට පත් වූහ.