• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

පවුල් පාලනය බිඳ වට්ටවමින් ආසියාව පුරා හමා යන දරුණු දේශපාලන කුණාටුව ලංකාවටත් ඇතුළු වෙයිද?

March 24, 2022
in Exclusive, News
A A
පවුල් පාලනය බිඳ වට්ටවමින් ආසියාව පුරා හමා යන දරුණු දේශපාලන කුණාටුව ලංකාවටත් ඇතුළු වෙයිද?

එදා දිනය හරියටම 1987 වසරේ ජූලි 30 වැනිදාය. මුළුමහත් ශ්‍රී ලංකාවත් මෙන්ම මුළුමහත් ලෝකයත්, පුදුමයට පත්කරවන බියකරු සිදුවීමක් ඇති වූයේ එදින උදය වරුවේ. ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණි එවකට ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහතා, මෙරට තුළදී ඝාතනය කිරීමට උත්සාහ දැරීම එම වාර්තාගත සිදුවීම විය. එවකට සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළකු වූ විජේමුණි විජිත රෝහණ උදය වරුවේ පැවැති නාවික හමුදා ආචාර පෙළපාළියකදී තම අතවූ රයිෆල් තුවක්කුවෙන් ඉන්දීය අගමැතිවරයාට පහර දීම මගින් මෙම ඝාතනය සිදුකිරීමට උත්සාහ කරන ලදී. මෙම අතිශය දුර්ලභ අවස්ථාව ඒ වේලාවෙහි හරියටම, තත්පරයට ඡායාරූපගත කල එවකට ලේක්හවුස් ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගමද අපට කෙදිනකවත් අමතක වන්නේ නැත. කෙසේ හෝ ඉන්දීය අගමැතිවරයා මෙම භයානක ප්‍රහාරයෙන් බේරුණේ අනූනවයෙනි. එසේ නූලෙන් බේරුණු ඔහු යාන්තමින් පණ බේරාගෙන ඉන්දියාවට ගියේය.

ඊළඟ අතිශය බියකරු දිනය පැමිණියේ හරියටම 1991 වසරේ මැයි 21 වැනිදා රාත්‍රී යාමයේදීය. එය වදනින් කිව නොහැකි මහා බියකරු අවස්ථාවක් විය. එනම් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, එවකට ඉතා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වූ ශ්‍රී ලංකාවේ ‘දමිළ කොටි සංවිධාන’යේ ගොදුරක් බවට පත්වූයේ එදාය. ඉන්දියාවේ තමිල්නාඩුවේදී මරාගෙන, මැරෙන දමිළ කොටි ත්‍රස්ත කාන්තාවන් විසින් එම ප්‍රහාරය සිදුකරන ලදී. යාපනයේ කොටි කෙල්ලන් ඉන්දීය අගමැතිවරයාට මල් මාලාවක් පැලඳවීමට යන මුවාවෙන් මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිදුකරන ලදී. එම සිදුවීමෙන් ඉන්දීය අගමැතිවරයා සහ තවත් 17 දෙනකු එතැනදීම ජීවිතක්‍ෂයට පත්විය. ඒ අතර කොටි කෙල්ලන්ද වූහ. රජීවි ගාන්ධි අගමැතිවරයාගේ දේහය හඳුනාගත නොහැකි තරමටම එහිදී විනාශයට පත්වී තිබිණි.

ලොව ප්‍රකට ජනනායකයකුව සිටි හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ මෙම සුවිශේෂී සිදුවීම් දෙක අද මුලින්ම ඔබට ලියා තැබුවේ, එම ආවර්ජනාව අද ලියන්නට යන මේ කතාවට අවැසි වූ හෙයිනි. මෙයට දින කිහිපයකට පෙර ඉන්දියාවෙන් ඇසුණු තවත් ‘ගාන්ධි වගතුගක්’ එයට හේතු විය. එනම් ඉන්දියාවේ සුප්‍රකට ‘ගාන්ධි පරපුර’ දැනට දශක ගණනාවක සිට ඉන්දියාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළින්ම නිරතවී සිටින පිරිසකි. මෙය සැබැවින්ම ‘ගාන්ධි පවුලේ දේශපාලනයක්’ ලෙසද අර්ථකථනය කළ හැකිය. එහෙත් මෑත කාලයක සිට මෙම පවුලේ දේශපාලනය එක්තරා විශාල පරිවර්තනයකටද පත්වී ඇත. එනම් එම දේශපාලනයට ඇති ඉල්ලුම සහ ජනප්‍රියත්වය පසුගිය වසර කිහිපයක සිට ඉතා පහත් මට්ටමකට වැටී තිබීම එම පරිවර්තනය වෙයි. මෙම තත්ත්වයට අදාළ වූ සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලයේදී ඉන්දියානු දේශපාලනය තුළින් දක්නට හැකි විය. එහි නවතම සිදුවීම වූයේ මෙයට දින කිහිපයකට පෙරදී සිදුවූ ඉන්දීය මැතිවරණයකට අදාළ වූ සිදුවීමකි.

ඉන්දීය දේශපාලනය මෙන්ම ගාන්ධි දේශපාලනයද උඩුයටිකුරු කළ මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන සොයා බලමු. 2022 ඉන්දීය ව්‍යවස්ථාදායක සභා ප්‍රාන්ත මැතිවරණය පසුගියදා ඉතාමත්ම උණුසුම් අයුරින් පැවැත්විණි. මෙහිදී විවිධ ප්‍රධාන ඉන්දීය දේශපාලන පක්‍ෂ කිහිපයක්ම ඒ සඳහා ඉදිරිපත්ව තිබිණි. මෙයින් ඉදිරියෙන්ම සිටිනු ලබන පක්‍ෂයක් වූයේ, ගාන්ධි පවුල නියෝජනය කරන ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයයි. මෙය ඉන්දියාවේ ඉපැරැණිතම දේශපාලන පක්‍ෂයක් වන අතර, එය ආරම්භ කරන ලද්දේ 1885 වසරේදීය. 1920 වසරේදී ‘ඉන්දියාවේ පියා’ ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමා, එරට ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඉන්දීය නිදහස දිනාගැනීම සඳහා සටන් වැදුණේ මෙම ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය පෙරටු කරගෙනය. දැනට වසර 136ක් පැරැණිම මෙම පක්‍ෂයේ ආරම්භක නිර්මාතෘවරයකු වූයේ ඉන්දීය දේශපාලකයකු වූ මොතිලාල් නේරුය. ඉන්පසු ඔහුගේ පුත් ජවහර්ලාල් නේරු එම පක්‍ෂයේ ප්‍රධානත්වය භාරගත්තේය. ඔහු 1950 සිට 1964 දක්වා වසර 14ක් ඉන්දියාවේ අගමැති ධුරය දැරුවේය. ජවහර්ලාල් නේරුගේ එකම දරුවා දියණියක් වන අතර, ඇය වසර 04ක් (1980-1984) ඉන්දියාවේ අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධිය.

එලෙස හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුව කොංග්‍රස් පක්‍ෂයේ නායකත්වයට පත්වූයේ ඇයගේ පුත් රජීව් ගාන්ධිය. එතැනින්ද පසුව රජීව් ගාන්ධි අගමැති ධුරයට පත්වූ අතර, ඔහුද ඝාතනය කෙරිණි. ඉන් පසුව වර්තමානයේදී ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ නායකත්වය උසුලන්නේ රජිව් ගාන්ධිගේ බිරිය වන සෝනියා ගාන්ධිය. එසේම පසුගිය වසර කිහිපයක් මෙම පක්‍ෂයේ නායකත්වය ඇයගේ පුත් රාහුල් ගාන්ධි විසින්ද උසුලනු ලැබුවේය. කෙසේ හෝ දැනට එම පක්‍ෂ සභාපතිත්වය නැවත 2019 සිට උසුලන්නේ සෝනියා ගාන්ධි විසිනි. මේ ආකාරයට ඉන්දීය ජනතා කොංග්‍රස් පක්‍ෂය සහ ගාන්ධි පවුල යනු ‘දෙකක් නොව එකකි.’ එය ‘ගසට පොත්ත’ සේය. කෙසේ හෝ මෙම වගතුග ඉතා දීර්ඝ අතර, ඒ සියල්ලක්ම මෙහි ලියන්නට ඉඩ නැතිය. යම් කරුණු ස්වල්පයක් පැහැදිලි කළේ, ඉන්දියාවේ ගාන්ධි පවුල දැනට වසර 125ක පමණ දීර්ඝ කාලයක් ඉන්දීය දේශපාලනයේ බලකණු සේ නිරතව සිටි ආකාරයයි. එහෙත් අද පසුගියදා සිදුවූ අර්බුදයෙන්, මෙම ගාන්ධි පවුල තල්ලු වී ඇත්තේ කුමන ස්ථානයකටද?

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය තුළ කාලයක් පුරා ප්‍රබල දේශපාලන බලයක් රඳවාගෙන සිටි ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය පසුගියදා පැවැති 2022 ඉන්දීය ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්විය. එසේම කොංග්‍රස් පක්‍ෂය තරග කළ තවත් අනෙකුත් ප්‍රාන්ත 04කින්ද අන්ත පරාජයකට පත්වී ඇත. එම ප්‍රාන්ත 05 වන්නේ ජන්ජාබය, උත්තර් ප්‍රදේශ්, උත්තර්කාන්ද්, ගෝවා සහ මනිපූර් යන ප්‍රාන්තය. පන්ජාබ් ප්‍රාන්තයේදී ඉන්දීය ‘ආම් අදාම් පක්‍ෂයට’ ද, අනෙක් ප්‍රාන්ත 04දී ‘භාරතීය ජනතා පක්‍ෂයට’ද මෙම කොංග්‍රස් පක්‍ෂය පරාජයට පත්විය. කෙසේ හෝ පෙර වසරවලදී ඉන්දියාවේ පැවැති විවිධ ජාතික මැතිවරණවලින් යම් ආකාරයක පරාජයක් ලැබුවද, මෙවර ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය ලබා ඇති පරාජය වාර්තාගත එකකි. 1999 වසරේදී සිට රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුව, කොංග්‍රස් පක්‍ෂය සැලකිය යුතු ජයග්‍රහණයන්ට පත්වුවද පසුව කලින්, කලට එම පක්‍ෂය පිරිහෙන තත්ත්වයකට පත්විය. පසුගිය 2014 වසරේදී සිටම මේ ආකාරයට මැතිවරණයන් පරාජය වීමට පටන්ගත්තේය. එම තත්ත්වය විවිධ මැතිවරණවලදී කිසිදු උච්ච ස්වරූපයකට පත්නොවූ අතර, තව තවත් ප්‍රපාතයට වැටෙන තත්ත්වයකට පත්විය.

මෙලෙස පසුගිය වසර 07ක පමණ කාලයක සිට ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ පිරිහීම අතිශය පූබල වන්නට විය. රජිව් ගාන්ධි ඝාතනයෙන් පසුව කොංග්‍රස් පක්‍ෂයේ ප්‍රධානතම තනතුරු දැරුවේද ගාන්ධි පවුලේ සාමාජිකයන් වන සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිය. කෙසේ හෝ මෙලෙස පසුගියදා එම පක්‍ෂය ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පරාජය වීමෙන් පසුව සිදුවූයේ අපූරු සිදුවීමකි. එනම් එම පරාජයත් සමග පක්‍ෂය පැවැත්වූ විශේෂ රැස්වීමකදී සෝනියා ගාන්ධි ඉතා ස්ථාවර ලෙස ප්‍රකාශ කර සිටියේ, තමන් සහ දරුවන් දෙදෙනා පක්‍ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වන බැව්ය. මෙය මහත් ආන්දෝලනාත්මක කතාවක් වූ අතර, එමගින් ප්‍රකාශ වූයේ තම ගාන්ධි පවුල මුළුමනින්ම දේශපාලනයෙන් ඉවත්වන බැව්ය. කෙසේ හෝ තවත් දින දෙකකින් විශේෂ රැස්වීමක් කැඳවූ අතර, එහිදී පක්‍ෂයේ අනෙකුත් නායකයන් කියා සිටියේ, සෝනියා ගාන්ධි සහ දරුවන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම් බාර නොගන්නා බැව්ය. එමෙන්ම ඔවුන් තවත් පක්‍ෂයේ කටයුතු සඳහා සහභාගි විය යුතු යැයිද ප්‍රකාශ විය. එහෙත් ගාන්ධි පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ දේශපාලනයෙන් ඉවත් වීමය. කෙසේ හෝ දැනට ඔවුහු එම තනතුරුවලම සිටිති.
දැන් අප මොහොතක් නැවතී ආපසු හැරී බලමු.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වයෙන් කියැවෙන්නේ කුමක්ද?

එම සිදුවීමෙන් පැහැදිලිව පෙනී යන්නේ, වත්මන් ඉන්දියානු පොදු ජනතාව ගාන්ධි පවුල බොහෝ ප්‍රබල අයුරින් ප්‍රතික්‍ෂේප කරන ආකාරයයි. ගාන්ධි පවුල වෙත ජනතාව තුළ තිබූ ජනප්‍රියතාවය, ගරුත්වය සහ විශ්වාසය අතිශය දරුණු ලෙස පිරිහීමකට පත්ව ඇති ආකාරය මෙම මැතිවරණය හරහා පෙනී යයි. එසේම මෙම තත්ත්වය ඉතා ප්‍රබල ලෙස සෝනියා ගාන්ධි සහ දරුවන් දෙදෙනාට අවබෝධ වී ඇති ආකාරයද ඒ හෙයින් තමන් දේශපාලනයෙන් සමුගත යුතු බැව්ද ඔවුන් අවබෝධ කරගෙන ඇත. මෙම තත්ත්වය ඉන්දියානු දේශපාලන විචාරකයන් සහ විශ්ලේෂකයන් විසින් හඳුන්වා දී ඇත්තේ, මහා ඉන්දියානු පුරාවෘත්තයක අවසානය ලෙසිනි. එනම් ඉන්දියාවේ බලවත්ම දේශපාලනික පවුලක අවසානය ලෙසිනි. ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අතිශයම ඉපැරැණි දේශපාලන පවුලක අවසානයද එය විය හැකි යැයි ඔවුන් අවධාරණය කර ඇත. ලෝකයේ සියවසකට අධික කාලයක් දේශපාලනයේ සිටින පවුල් සිටින්නේ ඉතාමත්ම අල්පයකි. එයින් ගාන්ධි පවුල සිටින්නේද ප්‍රමුඛස්ථානයේය.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය සැබෑ ලෙසම ඉන්දියාවේ ‘නේරු – ගාන්ධි රාජ වංශයේ’ නොහොත් ‘නේරු – ගාන්ධි පවුල් දේශපාලනයේ’ අවසන් මොහොත ලෙස අර්ථකථනය කළ හැකිය. කෙසේ හෝ මෙම තත්ත්වය මගින් පැහැදිලිවම පෙනී යන්නේ, අද පොදු ඉන්දීය ජනතාව බාර ගන්නේ රදළ දේශපාලකයන් නොව, කුඩා තැනකින් දේශපාලනයට පිවිසෙන ක්‍රියාකාරී දේශපාලකයන් බැව් මනාව පෙනෙයි. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයට කදිම නිදසුනක් වන අතර, ඔහු දැනට වසර 08ක් නොකඩවා තෙවතාවක්ම අගමැති ධුරයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස මහතාද මේ ආකාරයේම චරිතයක් වෙයි. සමාජ දරිද්‍රතාවයේ පහත් අඩියක සිට ඔහු දේශපාලනයේ ඉහළ මුදුන්පෙත්තටම පැමිණියේය. ඒ ආකාරයට අද ඉන්දියානු ජනතාව රාජවංශ දේශපාලකයන් බැහැර කරමින්ද සිටියි. මේ මගින් ඉන්දියාවේ පවුල් දේශපාලනය අතුගෑවී යන ආකාරය පෙනෙයි. කෙසේ හෝ මෙලෙස ඉන්දියානු දේශපාලනය හරහා අපට ලබාගත හැකි පාඩම්ද බොහෝ වෙයි. මෙරට තිබෙන පවුල් දේශපාලනයද මේ වන විට ජනතාව අතිශය ප්‍රබල ලෙස ප්‍රතික්‍ෂේප කරමින් සිටින බැව් රහසක් නොවේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළද පවුල් දේශපාලනය නොහොත් රදළ දේශපාලනය ඉතා ප්‍රබල අයුරින් මුල්බැසගත් ආකාරය පෙනී යයි. එහිදී ප්‍රථමයෙන්ම ඉදිරියට එන්නේ සේනානායක පවුලේ දේශපාලනයයි. 1848දී දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමාගෙන් ඇරැඹි එම වලව් පැළැන්තිය පසුකාලයකදී ප්‍රකට දේශපාලකයන්ගෙන් සමන්විත විය. එෆ්. ආර්. සේනානායක, ආර්. ජී. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක මෙම ප්‍රකටතම දේශපාලකයන් වූ අතර, ඔවුන්ගේ තවත් සහෝදරයන් කිහිපදෙනෙකුම දේශපාලනික තනතුරු දැැරුවේය. එහෙත් අද මෙම සේනානායක පවුල් දේශපාලනය මුළුමනින්ම අවසන් වී ඇත. ඩී. එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක මෙරට අගමැති ධුරයන් පවා දැරීය. එම පවුල් දේශපාලනයට පසුව ශ්‍රී ලංකාව තුළ මුල්බැස ගත්තේ බණ්ඩාරනායක පවුල් දේශපාලනයයි. 1859දී දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගෙන් ඇරැඹෙන එම රදළ පැළැන්තිය තුළදී දේශපාලකයෝ ගණනාවක්ම බිහිවෙති. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ තවත් සමීප ඥාතීන් කිහිපදෙනෙකුම මෙම ප්‍රකට දේශපාලනික තනතුරු දැරීය.

අද ශ්‍රී ලංකාව තුළ බණ්ඩාරනායක දේශපාලනයද නැත්තටම නැතිවී ගොසිනි. තවත් ආකාරයකින් කියනවා නම් සේනානායක සහ බණ්ඩාරනායක පවුල් දේශපාලනය ශ්‍රී ලංකාව තුළින් සහමුලින්ම අතුගෑවී ගොස් හමාරය. එම පවුල්වලට පසුව ශ්‍රී ලංකාවේ පවුල් දේශපාලනයට පිවිසියේ රාජපක්‍ෂ පවුලය. කෙසේ හෝ රාජපක්‍ෂ පවුල මේ වන විටද ශ්‍රී ලාංකික දේශපාලනයේ රැඳී සිටිති. මෙම පවුලෙන්ද මෙරටට අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ද බිහිවිය. ඒ වුවද රාජපක්‍ෂ පවුලේ ජනප්‍රියත්වයද මේ වන විට ඉතා දැඩි ලෙස හීනවී යමින් පවතියි. රට තුළ පවතින ඉතා උග්‍ර ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාවය එයට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත.

මෙලෙස අප ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පවුල් දේශපාලනය ගැන සොයා බැලුවෙමු.

එසේ නම් ලෝකයේ අනෙක් රටවල පවුල් දේශපාලනය කුමන තත්ත්වයක පසුවූයේද?

මෙහිදී අප වඩාත්ම අවධානය යොමුකළ යුත්තේ ආසියාවේ පවුල් දේශපාලනය කෙරෙහිය. එහිදී පෙනී යන්නේද එම බොහෝ රටවල තිබුණු පවුල් දේශපාලනය සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබෙන ආකාරයය. එසේත් නැතිනම් එම දේශපාලනය මුළුමනින්ම අතුගෑවී ගොස් ඇති ආකාරයය. එම තොරතුරු ටිකක් සොයා බලමු.

පාකිස්තානය – පවුල් දේශපාලනය ප්‍රබලව තිබුණු ආසියාතික රටකි. වසර 07කට ආසන්න කාලයක් පාකිස්තානයේ අගමැති ධුරය සහ ජනාධිපති ධුරය දැරූ සුල්පිකාර් අලි බූතෝගේ පවුලේ බොහෝ දෙනෙකු එරට දේශපාලනික තනතුරු දැරීය. ඔහුගේ පියා වූ නවාස් බූතෝද පාකිස්තානයේ ප්‍රබල දේශපාලකයෙකි. කෙසේ හෝ සුල්පිකාර් අලි බූතෝ සිරගත කිරීමෙන් සහ ඉන් පසුව එල්ලා මරා දැමීමෙන් පසුව ඔහුගේ දියණිය වන බෙනාසීර් බූතෝ පාකිස්තානයේ අගමැති ධුරයට පත්විය. ඇයද පසුව බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූවාය. බෙනාසීර් බූතෝ පාකිස්තාන අගමැති ධුරයට අමතරව එරට විපක්‍ෂ නායක ධුරය සහ තවත් දේශපාලනික තනතුරු කිහිපයක්ද දැරීය. කෙසේ හෝ ඇයගේ ඝාතනයෙන් පසු බෙනාසීර්ගේ සැමියා වූ අසීෆ් අල් සර්දාරි, පාකිස්තානයේ ජනාධිපති ධුරයට පත්විය. ඔහු වසර 05ක් ජනාධිපති ධුරයේ සිටි අතර, පසුකාලීනව පාකිස්තාන ජනතාව අලි බූතෝ පවුල් දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළේය. කෙසේ හෝ කාලය ගෙවී යත්ම අද ඉම්රාන් ඛාන් වැනි පොදු මිනිසෙකු පාකිස්තානයේ අගමැති ධුරයට ජනතාව විසින් තෝරාපත්කර ගෙන ඇත.

මාලදිවයින – මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන අබ්දුල් ගයුම් පවුල් දේශපාලනය ප්‍රබලව සිදුකළ පුද්ගලයෙකි. ඔහු තම රජයේ කැබිනට් මණ්ඩලයට තම සහෝදරයන් 13 දෙනෙකුට ඉඩකඩ ලබා දුන්නේය. ඒ අතරම ඔහු තමාගේ දියණිය වන දුන්යා ගයුම් හට මාලදිවයිනේ විදේශ කටයුතු ඇමැති ධුරයද ලබා දුන්නේය. එසේම තමන්ගේ බිරිය වන නස්රිනා ගයුම්ටද විවිධ දේශපාලනික බලතල ලබා දුන්නේය. එහෙත් පසුකාලීනව මාලදිවයිනේ ජනතාව මෙම පවුල් දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය.

තායිලන්තය – පවුල් දේශපාලනය කාලයක් පුරා පැවැති රටකි. එරට හිටපු අගමැති තක්ෂින් සීනවට්‍රාගේ පාලනයෙන් පසු ඔහුගේ සහෝදරිය වන ෂින්ග්ලක් සිනවට්‍රා තායිලන්තයේ අගමැති ධුරයට පත්විය. එසේම තක්ෂින් සිනවට්‍රාගේ මස්සිනා වන සොම්චායි වොන්සවාට් නැමැති දේශපාලකයකුද ඉතා කෙටි කාලයක් තායිලන්ත අගමැති ධුරයේ සිට ඇත. පසුකාලීනව තායිලන්ත ජනතාව මෙම පුවල් දේශපාලනය අතුගා දැම්මේය.

ඉන්දුනීසියාව – නොකඩවා වසර 30ක් පුරා ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය දැරූ ජනාධිපතිවරයකු වන්නේ සුහර්තෝය. පවුල් දේශපාලනය ප්‍රබලව සිදුකළ සුහර්තෝ තම දියණියන්ට කැබිනට් ඇමැති ධුර පවා ලබාදී තිබිණි. අසාධාරණ අයුරින් ධනය ඉපැයූ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 38ක් බැව් පැවසෙයි. පසුකාලීනව සුහර්තෝ පවුල් දේශපාලනය එම රටෙහි ජනතාව විසින් අතුගා දැම්මේය. මේ ආකාරයට පවුල් දේශපාලනය අතුගා දැමුණු රටවල් රැසක් ලොව ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

Share66Tweet42SendShare17
Previous Post

ළඟදීම ආණ්ඩුවට 113ක බහුතරය නැති කරනවා! මහනායක හිමිවරුන් හමුවී එළියට ආ විමල් මාධ්‍යයට කියයි!

Next Post

හර්ෂ ද සිල්වා මුලු රටටම දැනගන්න භයානක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කරයි! ඇහුවාම ඇඟ හිරිවැටෙනවා! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)
Exclusive

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)
Exclusive

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

June 30, 2022
කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!
Exclusive

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net