පළාත් සභා ජන්දය පැවැත්වීම මුල් කොට ගෙන ඊයේ (14) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී අමාත්‍යවරුන් සිව් දෙනකු ඊට විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව විමල් වීරවංශ, සරත් වීරසේකර, බන්ධුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙසේ විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර පක්ෂ නායක රැස්වීමක් පවත්වා අවසන් තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.