Exclusive
ප්‍රකෝටිපති ධම්මික අද දවසේදී විතරක් බිලියන 15.3ක් හොයාගෙන
Published
1 month agoon

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.
වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත.
වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී.
මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.
මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ.
ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි.
හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි.
ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.
You may like
කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්
ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL
සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)
බොන්න සල්ලි නොදුන්නාට බලන්ගොඩ මුනුපුරා ආච්චිට ගිනි තියයි
කොරෝනා එන්නත රුපියල් 1000යි
ලංකාවේ ජන්දය මාර්තු 22

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
