Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ප්‍රයිවට් බස් දිවිල්ල නවත්වයි!

Published

on

අධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීමෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.

කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් හිමියා මුහුණ දෙන තත්ත්වයට විසඳුම්ද ඉදිරිපත් කරමින් හිටපු ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර වෙත පෞද්ගලික බස්රථ හිමියන් විසින් යෝජනාවක්ද ඉදිරිපත් කෙරිණි.

නමුත් ඇමැතිවරයාගෙන් අමාත්‍යාංශය ඉවත්වූ පසු එම යෝජනා පිළිබඳව අදාළ බලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව ගැමුණු විජේරත්න පවසයි.

පෞද්ගලික බස් රථ හිමියන්ට ගැටලුවක් ඇති බව පිළිගන්නා බලධාරීන් ඊට විසඳුම් නොදෙන්නේ නම් කළ හැකි එකම දේ ධාවනයෙන් ඉවත්වීම පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ධාවනය වන්නේද සමස්ත බස් රථ සංඛ්‍යාවන් 50%ක් පමණක් බව පැවසේ.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසන්නේ තම සංගමය උසස් පෙළ විභාගයෙන් පසු ධාවනයෙන් ඉවත් වන බවට තීන්දුවක් නොගත්තද මෙරට ප්‍රධාන බස් සංගම් හතර සමග සාකච්ඡා කොට තීන්දුවකට එළඹෙන බවයි.

දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක් හමුවේ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තු සහ මාර්ග බලපත්‍ර ගාස්තු අය කිරීම තාවකාලිකව නතර කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මාසිකව රුපියල් 1000 ක ගාස්තුවකුත් වාර්ෂිකව රුපියල් 5000 ක ගාස්තුවකුත් බස් හිමියන්ගෙන් අය කරයි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)