පාර්ලිම්න්තුව තුළ හදිසි තත්ත්වයක් මතුවීම හේතුවෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අයවැය ඉදිරිපත් කරන තෙක් අතුරු ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමට ආණ්ඩුව අද (20) දිනයේ සැලසුම් කර තිබුණද විපක්ෂය ඊට හදිසි ජන්දයක් ඉල්ලා එය පරාජය කිරීමට සූදානමින් සිටින බවට ආණ්ඩුව වෙත තොරතුරු වාර්තා වීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
ඒ අනුව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අතුරු ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇති අතර මේ වනවිට එය පැවැත්වෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.