• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)

May 30, 2020
in Exclusive, Rajya Rahas
A A
පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)

කොරෝනා වෛරසයේ බලපෑම රටේ සියලුම ක්ෂේත්‍රයන්ට දැඩිව බලපෑම් එල්ල කොට ඇති පසුබිමක් යටතේ රටේ දේශපාලනයද ඒ බලපෑමට දැඩිව හසුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එක් පැත්තකින් දැනටමත් මැතිවරණය පැවැත්වීමට එරෙහිව පාර්ශ්වයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. අනෙක් පැත්තෙන් සියලුම දේශපාලන පක්ෂ කොරෝනා අර්බුදයේ සිරවී සිය දේශපාලන කටයුතු සම්පූර්ණයෙන් පාහේ සීමා කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
මේ අතරවාරයේ පාර්ලිමේන්තුවද මේ දිනවල කොරෝනා අර්බුදයෙන් විශාල ලෙස බලපෑමට හසුව ඇති ආකාරයක් එහි සිදුවන යම් යම් සිදුවීම්වලින් දැකගන්නට තිබේ. කොරෝනා වසංගතය පැතිර යෑමත් සමඟම පළමු වටයේදීම පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට බලධාරීන් පියවර ගත් අතර ඉතිහාසයේ පළමු වතාවට හමුදා ආරක්ෂාවද ඒ අනුව පාර්ලිමේන්තුවට යෙදවිණ. ඒ පවතින පොලිස් ආරක්ෂාවට අමතරවය.
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට පාර්ලිමේන්තු බලධාරීන් තවත් විශාල අර්බුදයකට මුහුණදී තිබිණ. ඒ යම් හෙයකින් හදිසියේම පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුවුවහොත් එහි අසුන් පනවන ආකාරය පිළිබඳවය. මන්ද යත් මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් දැඩි නීති සහ කොන්දේසි පනවා ඇති වාතාවරණයක් යටතේ හදිසියේම පාර්ලිමේන්තුව කැඳවුවහොත් හෝ මහ මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවන දිනට කොරෝනා වසංගතයේ බලපෑම පහව ගොස් නොමැති තත්ත්වයක් මතුව පැවතියහොත් පාර්ලිමේන්තුව රැස් කළ යුතු ආකාරය පිළිබඳව පසුගිය සතියේ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ඊට හේතු වී තිබිණ. මෙහිදී සමාජ දුරස්ථභාවය අරක්ෂා කළ යුතු බැවින් මන්ත්‍රිවරුන් 225ම එකවර පාර්ලිමේන්තු සභා ගර්භයට ගැනීම අනතුරුදායක තත්ත්වයක් වන නිසා පාර්ලිමේන්තු බලධාරීන් මුලින්ම කළේ ලෝකයේ වෙනත් රටවල් මෙම වසංගත තත්ත්වය හමුවේ සිය පාර්ලිමේන්තුව කැඳවා ඇති ආකාරය පිළිබඳවය. එහිදී ඔවුන්ගේ අවධානයට වඩාත්ම යොමුවූයේ බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුවත්, කැනඩා පාර්ලිමේන්තුවත් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවත්ය. මේ වන විටත් කොරෝනා අර්බුදය තිබියදී පවා එම රටවල් තුනම සිය පාර්ලිමේන්තු කැඳවා ඊට හේතුවය. එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ එම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නිවෙස්වල තබා පාර්ලිමේන්තුවට කැඳවන ප්‍රමාණය අවම කොට එම රැස්වීම් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට ඇති බවය. එහිදී මන්ත්‍රිවරුන්ගේ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ආසන පැනවීම සිදුකර ඇති අතර, උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති ආකාරයක්ද එහිදී ඔවුන්ට දැකගන්නට ලැබිණ. පාර්ලිමේන්තුවට කැඳවා නොමැති මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවල රඳවා ඔවුන්ව ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් සජීවීව එම රැස්වීමට සම්බන්ධ කර ගැනීමටත්, නිවෙසේ සිටින මන්ත්‍රිවරුන් පවා නව තාක්ෂණය ඔස්සේ සජීවීව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිකරවා ගැනීමට පියවර ගෙන ඇති ආකාරයක් ඔවුන්ට එහිදී දැකගන්නට ලැබිණ.
ඒ අනුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය. එහිදී අදහස් හුවමාරු වූයේ යම් හෙයකින් මෙරට පාර්ලිමේන්තුව කැඳවුවහොත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තුව පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. මෙම සාකච්ජාවේදී ධම්මික දසනායක බි්‍රතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තම කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ නියෝජිතයකු සම්බන්ධ කර දෙන ලෙසටය. එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ එංගලන්ත නිලධාරීන් එරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික ඇන්ඩෲ කෝල්මන් මහතාගේ සහාය ලංකාවට ලබා දීමට පියවර ගෙන තිබිණ. පසුගිය බදාදා කෝල්මන් මහතා එංගලන්තයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන්ට විශේෂ උපදෙස් ලබාදීමක් සිදු කළේ ඒ අනුවය.
එම සාකච්ජාවට මෙරට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන් සියල්ලම පාහේ සහභාගී වී සිටි අතර ඒ සම්බන්ධයෙන් තමන්ට ඇති ගැටලු තැන් පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරද්දී බි්‍රතාන්‍ය නියෝජිත කෝල්මන් ඒ සියල්ලටම පිළිතුරු දෙන ආකාරයක්ද දැකගත හැකි විය. එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැත්වුණු ආකාරයද දැකගත හැකි විය.
ඒ අනුව දැන් මෙරට පාර්ලිමේන්තු බලධාරීන් සැලැසුම් කර ඇත්තේ යම් හෙයකින් හදිසියේ පාර්ලිමේන්තුව යළිත් වරක් කැඳවුවහොත් හෝ මහ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අනුව යමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව මෙරට පාර්ලිමේන්තුවද රැස් කිරීමටය. එහිදී දැනට යෝජනා වී ඇත්තේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 125 දෙනකු පමණ පාර්ලිමේන්තුව ඇතුළට ගැනීමටය. ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ වෙනත් ස්ථානයක රඳවා ඔවුන් සජීවීව පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කරවීමට හෝ ඔවුන් නිවෙසේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සජීවීව සම්බන්ධ කර ගැනීමටද මේ වන විට අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් තවමත් මෙම යෝජනාවලිය සාකච්ඡා මට්ටමේ පවතින අතර මෙය ක්‍රියාත්මක මට්ටමට පැමිණෙනු ඇත්තේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පක්ෂ නායකයන් ගනු ලබන තීන්දු, තීරණවලට අනුවය. ඒ අනුව පාර්ලිමේන්තුව යළි රැස්වූ දිනෙක මෙම යෝජනා මාලාව පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරනු ඇති බවත්, එහිදී ගනු ලබන තීන්දු තීරණවලට අනුව පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති බවත් දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

Share51Tweet32SendShare13
Previous Post

රයිනි එක්ක ජයශ්‍රී හන්තානේ තනිවෙයි

Next Post

කිමිදෙමුද ඕපල් පතලක?

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
Exclusive

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net