පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත අතර අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සඳහන් වේ.
9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙනු ඇත.